Wednesday, September 26, 2012

කාන්තා විමුක්තිය...


එක ග්‍රහලෝකයක් තිබ්බා. එහෙ කාන්තාවන්ට තිබ්බේ පිරිමින්ට සමතැනක්. පිරිමි ගැහැණු කියලා කාටවත් විශේෂ සැලකිලි තිබ්බේ නෑ. ඒ රටේ ගෑණු හිටියේ හරිම දුකෙන්.

මොකද... ගෑණු කෙනෙක්ට පොරකාලා නඟින බස් එකක ලේසියෙන් වාඩි වෙලා යන්න ලැබුණේ නෑ. ඉස්කෝල වල රණ්ඩු වලදී එහෙම ගෑණු ළමයි පිරිමින්ගෙන් ගුටිකාලා රෝහල් ගත කළ අවස්ථා බොහොම වැඩියි. ළමයි හම්බ උනාය කියලා එයාලට විශේෂ නිවාඩු තිබ්බේ නෑ. ඒවා ලැබුණේ ලෙඩ නිවාඩු හැටියට. ක්‍රීඩා වල ගැහැණු පිරිමි කියලා වෙනම තරග තිබ්බේ නැති නිසා එයාලට කිසිම තරගෙකින් දිනන්න බැරි උනා.

අන්තිමට ගෑණු කාන්තා සංවිධාන හදං පාරට බැස්සා. තමන්ට පුරුෂයන් හා සම තැනක් එපා කියලා. තමන්ට සමාජේ නිසි තැනක් ඕනෙය කියලා.



ලියා එව්වේ - ෴පූසා෴ ( http://sudupoosa.blogspot.com/)

16 comments:

  1. ෂොක් කතාව.කාන්තාවට සමතැන එපා.. නිසි තැන දුන්නම හරි.ඒක තාම කාන්තාවෝ දන්නේ නෑ. නිසි තැන මොකද්ද කියලාත් එයාලා දන්නේ නෑ. ඒක බලෙන් ගන්න බැරි හිමි වන දෙයක් විතරයි.

    ReplyDelete
  2. haffoi. Ape un dakkoth ehe yanna try karai, moka nethi unath sama thena thiyanawane kiyala.

    ReplyDelete
  3. කවද්ද අප්පා මේ රටේ බස් එකක පොරකන් නැතුව බස් එකකට නැග්ගම ගෑණියෙක්ට සීට් එකක් හම්බුනේ.... පිරිමි ටික පොරකාලා නැග්ගට පස්සේ තමා ගෑණු ටිකට නඟින්න හම්බුවෙන්නේ.... හි හි.. බඩක් උස්සගෙන නැග්ගාමත් කොන්දා කැගහලානේ සීට් එකක් අරං දෙන්නේ....

    ක්‍රීඩාවලදි පිරිමි පරද්දන්න පුළුවන් ගෑණු ඉන්නවා... මොලෙන් පිරිමින්ව පරද්දන්න පුළුවන් ගෑණු ඊට වඩා ඉන්නවා... එදාට පිරිමියාට නිසි තැන ගෑණියෙන්ගේ යට‌තේ වැඩ කරන එක වෙන්න පුළුවන්....

    ගෑණියෙන්ට නිසි තැන කුස්සිය කියන රටක කොහොමද මනුස්සයෙක් හැටියට ඒක පිලිගන්‌ෙන්..... ඒක අසාධාරණ නැද්ද......? විශේෂයෙන්ම මනුස්සයා කියන සතාට ගෑණු පිරිමි භේදය තියෙන්නේ වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාවය සඳහා පමණක් වේගෙන යන මේ කාලේ......

    පූසාගේ කතාව හොදා.... සමතැන් නම් එපා... මල වදයක්... නිසි තැන මොකද්ද කියලා හරියට විස්තර කරනවා නම් අන්න එදාට සලකා බලන්න පුළුවන්.... හි හි....

    ReplyDelete
    Replies
    1. එහෙම කාලයක් තිබ්බ. එක නැති කර ගත්තේ අපේ ගැනු නෙවේ. හැබයි එක නැති කරන්න උදවු කලේ අපේ ගැනු

      Delete
    2. වචන සීයයකින් හැමදේම කරන්න බෑ! වැඩේ කියන්නේ හිරුගේ කමෙන්ට් එකත් වචන 100ට වැඩියි!

      Delete
    3. නිසිතැන විස්තර කිරීම කාන්තාවන් සතු කාරියකි..

      Delete
    4. ඔව් ගෑනුන්ට එක දෙයක් කල හැකි..එක තමයි ගෙදර පඩික්කම තියාගෙන අල්ලපු ගෙදර පඩික්කමට කෙල ගහන එක..අනේ මගේ කට..

      Delete
  4. බඩ තියෙන අයට ලෙඩ නිවාඩු දිපු එක නං හොද වැඩක්....

    ReplyDelete
  5. පාලකයිනි ලංකාවෙත් ගෑනුංට සමතැනම දීපියව්!!!!!!!!!!!!!

    ReplyDelete
  6. සමතැන මාත් දෙන්න ට්‍රයි කරනවා කොයි ගන්නේ නෑනේ :D

    ReplyDelete
  7. හැමෝටම ස්තූතියි!

    ReplyDelete
  8. මම නම් කියන්නේ සම තැන දෙන්න කියලා, හැබැයි ඉට පස්සේ ඒ ගොල්ලන්ට වන වාසි- අවාසි එගොල්ලොම විඳගන්න ඔනේ කියලයි මම කියන්නේ, අනික ලෙඩිස් ෆස්ට් කියන නිතියත් අයින් කරන්න ඔනේ....සමහර විට ගොඩක් වාසිත් ලැබෙයි, එ වාගෙම අවාසිත් ඇතිවෙයි,

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...